රේගුව ඔත්තුකරුවන්ට කෝටි ගණනක සලකපු හැටි එළියට.

Government Of Sri Lanka Sri Lanka Customs Department Of Audit
By Wayomi Mar 31, 2024 12:03 PM GMT
Report

රේගු ආඥා පනතේ නීතිරීතිවලට පටහැණිව 2022/ 2023 වසරේදී රේගු ඔත්තුකරුවන්ට සහ ත්‍යාගලාභීන්ට විවිධ හේතු මත ප්‍රමුඛත්වය ලබා දී තෑගි මුදල් වශයෙන් රුපියල් කෝටි 72 පමණ මුදලක් ගෙවා ඇති බව වාර්තා වෙනවා.

නවතම විගණන වාර්තාවක මෙම කරුණු සඳහන් වන අතර පවත්නා නීතිය අනුව රේගු වැරදි සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී එම වැරදිවලට අදාළව කරන බදු අයකිරීම් රාජ්‍ය ආදායමට බැර කළ යුතුය.

කෙසේ වෙතත් එලෙස සිදු නොකර රේගුවට හිමි බදු ආදායමද දණ්ඩනයක් ලෙස සලකා එසේ පනවනු ලබන දඩ මුදලින් 50% ක් (සියයට පනහක්) රේගු නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට ගෙවීමෙන් රාජ්‍ය ආදායමට විශාල අගතියක් සිදු වී ඇත.

ඒ බව රාජ්‍ය විගණන අංශ විසින් වසර ගණනාවක් තිස්සේම පෙන්වා දී ඇතත් ඒ බව නොසලකා දිගින් දිගටම රේගු නිලධාරීන්ට බෙදා දුන් ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කර ඇති බව මෙම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම මේ සියලු විස්තර සහිත විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව වෙත මේ වනවිට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.