සෞදි අරාබියේ ඇරම්කෝ පිරිපහදුවකට හූති ඩ්‍රෝන ප්‍රහාරයක්

Saudi Arabia Latest Headlines Sinhala news Puwath.lk Iran-US Conflict
By R.rishma Aug 10, 2026 10:11 AM GMT
Report

ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා දින දෙකකට පසුව මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.

නේටෝ ආරක්ෂක සන්ධානයට සමාන මෙම ගිවිසුමට අනුව, රටවල් තුනෙන් ඕනෑම රටකට එල්ල වන ප්‍රහාරයක් සියලු රටවලට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා ඒකාබද්ධව කටයුතු කිරීමට එම රටවල් බැඳී සිටී.

මේ අතර, රතු මුහුද සහ ඒඩන් බොක්ක සම්බන්ධ කරන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා වරායට ද හූති ප්‍රහාර හේතුවෙන් දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.