විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට ස්ටාලින්ගෙන් නිවාස

M. K. Stalin Sri Lanka India
By Sewvandhi Nov 17, 2022 01:55 AM GMT
Report

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් තමිල්නාඩු තේ වතු සංස්ථාව (Tantea) තමිල්නාඩුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් සඳහා නිවාස 650ක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක සෙන්තිල් තොණ්ඩමන් සමඟ පැවති සාකච්ඡාවක දී මෙම සහතිකය ලබා දී ඇති බව සඳහන්.

සෙන්තිල් තොන්ඩමන් පවසා ඇත්තේ, තමිල්නාඩුවේ දී ස්ටාලින් හමු වී ටැන්ටියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් ආපසු පැමිණීමේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ බව යි.

තමිල්නාඩුවට ආපසු පැමිණි ඉන්දියානු සම්භවයක් ඇති ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් සඳහා පුනරුත්ථාපන පියවරක් ලෙස යි 1968 දී හිටපු මහ ඇමති සී.එන් අන්නදුරෙයිගේ පාලන සමයේ දී ටැන්ටියා පිහිටුවන ලද්දේ.

තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් වසා දමා ටැන්ටියා භූමියෙන් කොටසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ආපසු ලබා දීමට තීරණය කර තිබුණා.මෙම තීරණය තමිල්නාඩුවට පැමිණ එම ප්‍රදේශයේ පදිංචි ව සිටින ශ්‍රී ලාංකිකයන් ගණනාවකට බලපානු ඇති.

ස්ටාලින් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරු ව නැවත පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා නිවාස 650ක් ලබා දෙන බවට තමිල්නාඩු මහ ඇමතිවරයා සහතික වූ බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් නිවේදනයක් ළඟදීම ප්‍රකාශයට පත් කරන බවත් සෙන්තිල් තොණ්ඩමන් අවධාරණය කළ බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now