උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Heat wave
Weather
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (12) දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය අද (11) පස්වරු 5.00ට ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් නිකුත් කර ඇත.
අවවාදය වලංගු වන දිස්ත්‍රික්ක
මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම් දර්ශකය (Heat Index) "අවධානය යොමු කළ යුතු" මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු " මට්ටමක පැවතිය හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.