පියතුමෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු ටිපර් රථ අනතුර..(VIDEO)

By Sewvandhi Mar 01, 2022 11:07 AM GMT
Report

ටිපර් රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පියතුමෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හොරොව්පතාන - ත්‍රිකුණාමලය මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ දී අද (01) උදැසන 9.30 පමණ එම අනතුර සිදුව තිබුණි. 

අදාළ අනතුරින් මෝටර් රථය පැදවූ 48 හැවිරිදි පියතුමා එම ස්ථානයේදීම මියගොස් තිබේ. ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  වව්නියාව සිට හොරොව්පතාන දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථය ඊට විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ ගැටී තිබුණි.

පොලීසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් එය පාලනයෙන් ගිලිහි ගොස් ටිපර් රථයයේ ගැටී ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් හොරොව්පොතාන, රත්මලේ පදිංචිකරුවකු වන ටිපර් රථ රියදුරු ⁣අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත්වරයාට වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now