විදෙස් මාධ්‍ය කැළඹූ සිදුවීම.. රතු මුහුදේදි භයානක ලෙස පුපුරවා හැරුණු ග්‍රීක ඉන්ධන ප්‍රවාහණ නෞකාව...

By Sithumini Aug 30, 2024 06:49 AM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report


මේ වන විට ලෝකයේම අවධානය යොමු වෙලා තිබෙන සිදුවීමක් තමයි රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයට ලක්වූ ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව පුපුරවා හැරීමට හූති කැරළිකරුවන් කටයුතු කිරීම.

මෙම අවස්ථාවේ එම යාත්‍රාවේ ඉන්ධන බැරල් මිලියනයක් පමණ ප්‍රවාහනය කරමින් තිබුණු බවයි විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ. මෙහිදි විශේෂයෙන්ම මෙම ලෝකය තුළ සිදුවූ බරපතලම යුදමය තත්වයක සිදුවීමක් බවයි වාර්තා වන්නේ.

එහිදි හූති කැරළිකරුවන් එම යාත්‍රාවට අගෝස්තු 21 වනදා පළමුවෙන් ප්‍රහාරයක් එල්ල කළ අතර පසුව එහි කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත් වී තිබුණා.

මේ සම්බන්ධයෙන් හූති සටන්කාමින් නෞකාවට පුපුරණ ද්‍රව්‍ය අටවා දුරස්ථ පාලකයක් ක්‍රියාත්මක කර නෞකාව පුපුරුවා හරින ආකාරය සම්බන්ධයෙන් වීඩියෝවක්ද නිකුත් කර තිබුණා. එමෙන්ම හූති කැරලිකරුවන් ඊශ්‍රායලටද තර්ජනය කර ඇති බව සදහන්.