මධුසමයට ආ යුවල ගුවනින් වීඩියෝ කරන්න ගිහින් මාට්ටු වෙයි.. වැලිගමදී සිදු වූ දේ මෙන්න.
Sri Lanka
Gossip
Indian
Weligama
Honeymoon
By Aruna
නිසි බලපත්‍රයක් නොමැතිව වැලිගම මුහුදු තීරයේ දී යානාවක් ගුවන් ගත කර වීඩියෝ කළැයි වරද පිළිගත්, ඉන්දීය ජාතික ධනවත් ව්‍යාපාරික තරුණ යුවළකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) රුපියල් 50,000ක දඩයක් නියම කළේය.
මෙම සැකකරුවන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ මධුසමය ගත කිරිම සදහා බවත් ඔවුන්, වැලිගම මුහුදු තීරයේදී ඩ්‍රෝන යානාවක් ගුවන්ගතකර තම ඡායාරූප සහ දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් වැලිගම පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
සිවිල් ගුවන් සේවා පනතේ 103 (03) වගන්තිය උල්ලංඝණය කළැයි සඳහන් කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ වැලිගම පොලිසිය විසිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |