තරුණයෙකු පැහැරගැනීමට හිරුණිකාට සිර දඩුවම්.. තරුණයා පැහැරගත් CCTV දර්ශන මෙන්න.. (VIDEO)
                                    
                    Sri Lanka Police
                
                                                
                    Colombo
                
                                                
                    Hirunika Premachandra
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින්.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා. 2015 වසරේ දෙසැම්බර් 5 වෙනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළදසැලක සේවය කරමින් සිටි අමිල ප්‍රියන්ග නම් තරුණයෙකු පැහැරගෙන ගොස් සාපරාධි බිය ගැන්වීම යටතේ ඇයට එරෙහිව අධි චෝදනා ගොණු කර තිබුණා.
ඒ අනුව ඊට එරෙහිව ගොනු කර තිබූ අධි චෝදනා සියල්ලටම ඇය වරදකරු කර තිබෙනවා.
අදාළ තරුණයා පැහැරගන්නා අවස්ථාවේ සීසිටීවී දර්ශන ද අදාල තරුණයා සේවය කළ ආයතනයේ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.
අදාල දර්ශන පහතින්,
 
                 
                 
                                             
        
     
     
     
     
    