කෝවිලක් කඩා වැටීමෙන් 09ක් ජිවිතක්ෂයට.. 20කට වඩා පිරිසක් සුන්බුන් අතර.. - සංවේදී පුවතක්.

Government Of India India Accident Death Weather
By krishani Aug 14, 2023 11:41 AM GMT
Report

.ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පෞරාණික හින්දු කෝවිලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම කෝවිල සංචාරකයින් අතර ප්‍රසිද්ධ සිම්ලා නගරයේ පිහිටා තිබෙනවා.

ඒ අනුව සිදු වූ එම අනතුරින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අධික වර්ෂාපතනය පවතින අවස්‍ථාවක මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, තවත් 20-25 අතර පිරිසක් සුන්බුන් අතර සිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.