දේවස්ථානවලට යෙද වූ විශේෂ ආරක්ෂාව..

Sri Lanka Police Sri Lanka Easter Attack Sri Lanka
By Sewvandhi Apr 09, 2023 09:40 AM GMT
Report

පාස්කු සතිය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.

එනම් පසුගිය අප්‍රේල් 4 වනදා සිට අද (09) දින දක්වා එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරු, දේවස්ථාන භාර පූජකවරු සහ දායකසභාව එක්ව එම ආරක්ෂක ක්‍රියාවලිය සිදුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම වැඩසටහන සඳහා පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේ නම්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමටත් පොලිස් මුලස්ථානය විසින් සියලුම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අවසර ලබාදී ඇති බවයි. 

බැතිමතුන්ට නිදහසේ ආගමික කටයුතු සිදුකර ගැනීමට අද දිනයේ අවස්ථාව හිමිවන බව ද ඒ මහතා කියා සිටියේය. සකළ ලෝකවාසින් පාපයෙන් මුදා ගැනීම පිණිස මහ සිකුරාදා දින කුරුසයේ දිවි පිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානවීම ලෝකවාසී කිතුනුවන් අද පාස්කු ඉරිදා ලෙස සමරනු ලබයි.

ඒ වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ මෙන්ම අද පෙරවරුවේත් දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වුණි. කිතුනුවන්ගේ වාර්ෂික ජනවන්දනා දින දර්ශනයේ ප්‍රමුඛතම සැමරුම් උත්සවය වන්නේ මෙම පාස්කු මංගල්‍යයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now