8 හැවිරිදි දියණිය අපයෝජනය කළැයි,පියෙක් ස්වාමීන් වහන්සේ නමක් පහර දී ඝාතනය කරයි..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 01, 2023 05:43 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 හෙට්ටිපොල ප්‍රදේශයෙන්, 8 හැවිරිදි දැරියක ස්පර්ශ කළ බව පවසමින් දැරියගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකු කළ පහරදීමකින් පසු 70 හැවිරිදි හිමිනමක ජිවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වුණා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, හෙට්ටිපොල - අගාරඋඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක්. බෝධි පූජාවක් පැවැත්වීම සඳහා විහාරස්ථානයට පැමිණි දැරිය මලු‍ව ඇමදීමට ඉදලක් රැගෙන ඒමට ගිය අවස්ථාවේ මෙලෙස අතවරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව දැරියගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකු හිමිනම සොයා විහාරස්ථානයට ගියත් අදාල හිමිනම ප්‍රදේශයේ වෙනත් විහාරස්ථානයක සැඟව සිට තිබෙනවා.

කෙසේ වෙතත්, එම ස්ථානයට ගිය ඔවුන් හිමිනමට පහරදී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත ගිලන් රථයකින්, පසුව හිමිනම කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි එම හිමිනම අද අලුයම අපවත් වී ඇත්තේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now