රන්දිමාල් අම්මාට අවසන් ගෞරවය පුද කළ හැටි..(VIDEO)
පාසලේ ජයග්‍රහණය වෙනුවෙන්, පිළිකා රෝගයක් නිසා මියගිය සිය මවගේ දේහය මල්ශාලාවක තැන්පත් කර තිබියදී ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයෙකු පිළිබඳ මේ වනවිට රටම කතා වනවා.
ඉසිපතන විද්‍යාලයේ හේෂාන් රන්දිමාල් සිසුවා සිය රග්බි ගමනට වැඩි දායකත්වයක් ලබාදුන් මව වෙනුවෙන් මේ එඩිතර තීරණය ගෙන තිබුණා.ඊයේ (30) අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේදීය.
මෙම තරගය ලකුණු 28ට 18ක් ලෙස ජයගැනීමට අපරාජිත ඉසිපතන විද්‍යාලය සමත්විය. ඉසිපතන කණ්ඩායම නියෝජනය කළ හේෂාන් මෙම තරගයට සහභාගී වුයේ මහමෙරක් තරම් දුකක් හිතේ දරාගෙනය. රන්දිමාල් පාසල වෙනුවෙන් සහ සිය මව වෙනුවෙන් ඒ ගත්ත තීරණය ගැන අද හැමෝම කතා වෙමින් සිටී.
ඔහුගේ මව මෙම තරගය බලන්න ජීවත්වී නොහිටියත් රන්දිමාල් ඇය වෙනුවෙන් පිටියට පිවිසියේය. ඊයේ (30) තරගයේදී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේද හේෂාන් රන්දිමාල් විසිනි. රන්දිමාල් මොන තරම් හිත හයිය ක්‍රීඩකයෙක්ද ?..
ඊයේ තරගයෙන් අනතුරුව ඉසිපතන කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ මරදාන ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් රන්දිමාල්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ ක්‍රීඩාවේ සහෝදරත්වය සහ මනුසත්කම ලොවට මනාව කියා පාමින්ය.
පිටියේදී ප්‍රතිවාදීන් වුවත් ඉන් ඔබ්බට සියලු ක්‍රීඩකයින් සහෝදරයන් බව ඔප්පු කළ ශාන්ත ජෝශප් කණ්ඩායමටත් හිසනමා ආචාර කළ යුතුය. පිළිකා රෝගයකින් පීඩා විඳි රන්දිමාල්ගේ මව ඉකුත් බ්‍රහස්පතින්දා මෙලොවින් සමුගත් අතර ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) සිදුකිරීමට නියමිතය.