කුරුලු කූඩයක් ඇතුළෙන් එකවරම මතු වුණ මතුවිල්ලක්..

Sri Lanka Police Sri Lanka Police Investigation Drugs Latest Headlines
By krishani Jun 23, 2024 04:36 PM GMT
Report

කුරුලු කූඩුවක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ 75කට අසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් හමු වී තිබෙනවා.

කුරුලු කූඩයක් ඇතුළෙන් එකවරම මතු වුණ මතුවිල්ලක්.. | Heroin From The Birds Nest

ඒත් සමග ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය.

එම සැකකරු සමග මත්කුඩු ග්‍රෑම් 442 මිලිගෑම් 225ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඒ යුක්තිය මෙහෙයුමේ යෙදී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර නිලධාරියා වෙත බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් මත්කුඩු ජාවාරම් සිදුකරනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලබා දෙන ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව කොළඹ 14 මාදම්පිටිය පාරේ නිවසක දී සැකපිට මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවා ඇති ස්ථානයක් සම්බන්ධයෙන් අනාවරණය කරගෙන ඇත.

එලෙස ලද තොරතුරු අනුව ඔහුගේ මඟ පෙන්වීම මත වත්තල හුණූපිටිය සංඝරාජ මාවතේ ඉදිකරමින් පවතින නිවසක් පිටුපස තිබූ කුරුල්ලන් නොසිටින කුරුලු කූඩුවක එය සඟවා ඇති බවට පොලීසිය අණාවරණය කරගෙන තිබෙනවා.

හංවැල්ලම කැළඹුණ.. සමූහ දූෂණයේ සැකකරුවන් 08 දෙනාට දුන් අධිකරණ නියෝගය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

හංවැල්ලම කැළඹුණ.. සමූහ දූෂණයේ සැකකරුවන් 08 දෙනාට දුන් අධිකරණ නියෝගය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරු සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම කුරුලු කූඩුව ඉබ්බකු යොදා වසා දමා තිබී ඇත.

සැකකරු සන්තකයේ තිබූ යතුරක් ලබාදීමෙන් පසු එම කුරුලු කූඩුවේ දොර විවෘත කර පරීක්ෂා කිරීමේදී සෙලෝ ටේප්වලින් ඔතන ලද සිලින්ඩරයක් වැනි යමක් හමු වී ඇත.

එය පරීක්ෂා කිරීමේදී විනිවිද පෙනෙන සුදු පැහැති ප්ලාස්ටික් බෝතලයක මෙම මත්කුඩු බහා තිබී සොයා ගැනීමට හැකිවී ඇත.

කෙසේ වෙතත්, 46 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවූම් නියෝග ලබාගෙන තිබෙනවා.