පන්තියේදී නින්ද ගියොත් පාසලෙන් ලොකු දඩයක්.

China World
By Wayomi Sep 06, 2023 08:39 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

චීනයේ ප්‍රාථමික පාසලක් සිසුන්ගෙන් ගාස්තු අය කර ගානීමට සූදානම් වන අපූරු ක්‍රමයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තාවලට අනුව මෙලෙස සිසුන්ගෙන් මුදල් අය කර ගැනීමට සූදානම් වන්නේ චීනයේ ජිෂෙන්ග් ප්‍රාථමික පාසලයි.

එම පාසලේ නව නීතිරීති මාලාව අනුව සිසුන් දහවල් කාලයේදී පාසල තුළදී කෙටි විවේකටක් සඳහා මේසයක්, ඇතිරිල්ලක් හෝ ඇඳක කෙටි නින්දකට වැටුන හොත් ඒ සඳහා සිසුන්ගෙන් ගාස්තුවක් අය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එම තීරණය දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත කර ඇති බව ද සඳහන්.

කෙසේවෙතත් පාසල් බලධාරීන් වී චැට් හරහා මව්පියන්ට වෙත මේ සම්බන්ධයෙන් දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව පාසල් බලධාරීන් මව්පියන්ට දැනුම් දී ඇත්තේ දරුවෙකු මේසයක් මත නිදාගත හොත් වරකට යුවාන් 200 ක් ගෙවීමට සිදු වනු ඇති.

දරුවෙකු සැප පහසු ලෙස ඇතිරිල්ලක නිදා ගත හොත් මව්පියන් ඒ සඳහා ගෙවිය යුතු මුදල යෙන් 360 ක්.

එම පාසලේ දරුවෙකු දහවල් කාලයේ ඇඳන් සහිත පෞද්ගලික කාමරව විවේක ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මව්පියන්ට පාසලට යුවාන් 680 ක මුදලක් ගෙවිය යුතු බවයි වාර්තා වන්නේ.