ඔයාට නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට කරන්න පුළුවන් අලුත්ම දේ..

Sri Lanka Sri Lanka Cabinet Crime Prison
By Piyumika Jun 05, 2024 09:51 AM GMT
Report

නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට “වරද පිළිගැනීමේ එකගතාවයකට පත්වීම” සඳහා වූ නව ක්‍රමවේදය ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට ලක් කිරීම සඳහා වන පනත් කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැනඩාවට යන්න ආවට මූණ වෙනස් කරගෙන එන්න අමතක වෙලා..

කැනඩාවට යන්න ආවට මූණ වෙනස් කරගෙන එන්න අමතක වෙලා..

අපරාධ නඩු කඩිනමින් විසඳා ගැනීම සහ අධිකරණ කටයුතුවල ප්‍රමාදය අවම කර ගැනීම මෙන්ම බන්ධනාගාර තදබදය අවම කර ගැනීමත් මෙම නව ක්‍රමවේද‍යේ අරමුණ වී තිබෙනවා.

මෙහිදී යෝජිත සංශෝධන අනුව නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට විත්තිය සහ පැමිණිල්ල අතර වරද පිළිගැනීමේ එකගතාවයක් ඇති කරගැනීම සිදුවන බව සඳහන්.

එහි ප්‍රතිඵලයක් ලෙස දඬුවම, දඩ මුදල් හෝ වන්දි මුදල් අවම කර ගැනීම සඳහා නිර්දේශයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

පරිස්සම් වෙන්න මේ කාලේම මෙහෙම උනොත් කොරෙ පිට මරෙ තමා..

පරිස්සම් වෙන්න මේ කාලේම මෙහෙම උනොත් කොරෙ පිට මරෙ තමා..

නීති කෙටුම්පත් සම්පාදක විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සදහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති අතර අදාළ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.