PSTA පනතට එරෙහි විරෝධතාවයෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Parliament of Sri Lanka Latest Headlines Sinhala news Protest Protection of the State from Terrorism Act (PSTA)
By R.rishma Nov 04, 2026 10:15 AM GMT
Report

යෝජිත රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව ජනතා අරගල ව්‍යාපාරය විසින් අද (04) විරෝධතාවක් සංවිධානය කර තිබේ.

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පොල්දූව මංසන්ධියෙන් ආරම්භ වූ මෙම විරෝධතාව හේතුවෙන් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව ද තර කිරීමට පියවර ගෙන ඇත.

විරෝධතාව හේතුවෙන් පොල්දූව මංසන්ධිය සහ පාර්ලිමේන්තු වටරවුම ඇතුළු ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මේ අතර, දියත උයන ඉදිරිපිට සිට පාර්ලිමේන්තුව දෙසට දිවෙන මාර්ගය ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.