බර අඩු කරන්න ව්‍යායාම කරද්දි මග හරින්න ඕනි කෑම මෙන්න.
. ව්‍යායාම කියන්නේ අපේ ශරීරය වගේම මානසික තත්වයත් යහපත් කරන්න පුළුවන් දෙයක්.
ඉතින් ව්‍යායාම මගින් පුළුවන් ඔයාගේ ශරීරයේ ලෙඩ රෝග නැති කරන්න ඒ වගේම ඔයා කැමතිම දේවල් අදින්න පුළුවන් නිරෝගිමත් සිරුරක් ඔයාට ලබා දෙන්න ව්‍යායාම වලට පුළුවන්.
ව්‍යායාම කරනවා වගේම ඔයා ඔයාගේ ශරීරය මනා ලෙස පවත්වාගන්න නම් ආහාර ගැනීම කරන ආකාරයත් ඉතා වැදගත්.
ඉතින් මේ ආහාර ගැනීමේදි ඔයා අවධානය දෙන්න ඕනි කාරණයක් කිහිපයක්ම තියෙනවා.
බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි ආහාර නොගන්න තරමට ඔබට ඔබේ ශරීරය මනාව පවත්වාගන්න පුළුවන් කියලා.
නමුත් ඔබ නියමිත පරිදි පෝෂ්‍ය පදාර්ථ මගහැරීම කියලා කියන්නේ නම් ඒ තරම් හොද දෙයක් නොවෙයි.
ඒ වගේම තමයි බත් ප්‍රමාණය අඩු කිරීම. ඔබේ ප්‍රධාන වේල් වලදි ඔබ අවධානය යොමු කළ යුතුව තිබෙන දෙයක් තමයි ඔබේ ප්‍රධාන ආහාර වේල් වලින් දවල් ආහාරය සදහා පමණක් බත් ලබා ගැනීම.
අනෙක් ආහාර වේල් සදහස් ප්‍රෝටීන බහුල මස් මාළු බිත්තර වැනි දේ ගැනීම ඉතාම වැදගත්.
එමෙන්ම තවදුරටත් ආහාර රටාව පිළිබදව අවදානය යොමු කිරීමේදි සීනි කෑම සම්පූර්ණයෙන්ම ඔබට නැවැත්වීමට හැකියාව තිබේනම් එය ඔබේ බර අඩු කරගැනීමට පමණක් නොවෙයි ඔබේ සම ලස්සන කරගැනීමටත් හැකියාව තිබෙනවා.
එමෙන්ම මේ වන විට වැදගත් වෙන කාරණය තමයි ඔබ ගන්නා ආහාර ප්‍රමාණය පිළිබදව අවදානය යොමු කරමින් කැලරි ප්‍රමාණය මැන බලමින් ආහාර ගැනීම මගින් ඔබේ බර පාලනය කරගැනීමට හැකියාව තිබෙනවා.
එමෙන්ම සෑම විටම තෙල් සහිත ආහාර සහ ක්ෂණික ආහාර අවම කිරීමත් ඉතාමත්ම වැදගත් වෙනවා.