සෞඛ්‍ය වර්ජනයට මොකද වෙන්නේ..? අද දිනයේ ගෙන ඇති නවතම තීරණය.. දිස්ත්‍රික්ක හයක් දැවැන්ත වර්ජනයක ..

protest strike Saman rathnapriya health units
By Sewvandhi Feb 10, 2022 03:10 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (10) දිනයේ සිට තවදුරටත් තිව්‍ර කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ,

අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති 18ක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සිව්වන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක බවය.

වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කර ඇති මෙම වැඩ වර්ජනය සිය ඉල්ලීම ලැබෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

"පෙබරවාරි 7 ආරම්භ කරපු වැඩ වර්ජනය අද වෙනවිට 4 වන දිනයටත් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩවර්ජනය සඳහා 65,000කට ආසන්න සෞඛ්‍ය වෘත්තීකයන් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග තිබුණු සාකච්ජාව අසාර්ථක වීම නිසා අපිට තීන්දුවක් ගන්න නොහැකි වුණා. ඇමතිවරයා කිව්වේ ආණ්ඩුවෙන් අහලා එන්න ඕනේ කියලා මෙම වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුවට උත්තරයක් දෙන්න.

මුලික ප්‍රශ්නයට විසඳුමක් නැති නිසා යම් යම් එකඟතා වෙන කාරණා සම්බන්ධයෙන් තිබුණත් වර්ජනය නතර කිරීමට හැකියාවක් ලැබුණේ නෑ. අද දවසේ තවදුරටත් තිව්‍ර කරනවා අපේ වර්ජනය. මාතර, බදුල්ල, මහියංගනය ඇතුළු දිස්ත්‍රික්ක 6ක අපි අද දවසේ උදෑසන 11 - 01 දක්වා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now