පොලිස් නිලධාරියෙකුගේ වෙඩි තැබීමකින් සෞඛ්‍ය ඇමති ජීවිතක්ෂයට.
Government Of India
India
By Wayomi
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියෙකුගේ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.
ඒ, ඔඩීෂා හි ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ වැඩසටහනකට සහභාගිවීමට යමින් සිටියදීයි.
ඔහු අදාළ ස්ථානයට ගොස් මෝටර් රථයෙන් බැසීමට උත්සාහ කරන අවස්ථාවේදී සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහුගේ පපු ප්‍රදේශයට දෙවරක් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස වෙඩි තැබීම සිදුකළ සහකාර උප පොලිස් පරීක්ෂකවරයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවත් සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |