බත් පර්සලයේ තිබුනු අලුත්ම ව්‍යංජනය

Sri Lanka Police Sri Lanka Court of Appeal of Sri Lanka Office of Public Health
By Piyumika May 29, 2024 11:51 AM GMT
Report

යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ ආපන ශාලාවකින් මිලට ගත් බත් පාර්සලයක හැකරැල්ලෙකු සිටීමේ සිද්ධියක් වාර්තා වී තිබෙන අතර අදාළ වෙළදසැල් අයිතිකරුට රුපියල් 45000ක දඩයක් නියම කළ යාපනය අතිරේක මහේස්ත්‍රාත්වරයා නඩුව අවසන් වන තුරු ආපන ශාලාවට මුද්‍රා තබන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කර ඇත.

පාසල් සිසුන්ගේ පහර කා මියගිය එක් දරු පියාගේ සිරුර අතුරුදන්. - (PHOTOS)

පාසල් සිසුන්ගේ පහර කා මියගිය එක් දරු පියාගේ සිරුර අතුරුදන්. - (PHOTOS)

බත් පාර්සලය මිලට ගත් පුද්ගලයා එය නිවසට රැගෙන ගොස් ඇති අතර ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී එම පාර්සලය තුළ හැකරැල්ලෙකු දැක ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ජනපතිට වාරණ නියෝගයක්...වාරණයත් දීර්ඝ කරයි...

හිටපු ජනපතිට වාරණ නියෝගයක්...වාරණයත් දීර්ඝ කරයි...

පසුව ඔහු මේ පිළිබදව තිරුණවේලී ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර තිබේ. නිලධාරීන් පැමිණ සිදු කළ පරීක්ෂණවලින් පසුව ආපන ශාලාවේ අපිරිසිදුභාවයට වෙනම නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ නඩු දෙකම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා හැකරැල්ලකු සිටීමේ සිද්ධියට පමණක් රුපියල් 45000ක දඩයක් නියම කොට තිබේ.

විදෙස් රටක රැකියාවකට යන ඔබ මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

විදෙස් රටක රැකියාවකට යන ඔබ මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

දඩයක්ය නියම කළ සිද්ධිය සම්බන්ධයෙන්ද නඩු විභාගයක් පැවැත්වෙන බව ප්‍රකාශ කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ජූනි මස 10 වෙනිදා ආපන ශාලා හිමිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කර ඇත.