"අවුරුදු 11ක් මට ආදරේ කරපු අය, මට බැන බැන මං ගැන හොයපු අය හැමෝටම මම ගොඩක් ආදරෙයි..ඒ හැම නමක්ම මගේ හිතේ කෙටිලා තියෙනවා හැමදාටම"

Sri Lankan Actress SL Actress Gossips
By Wayomi Nov 05, 2022 08:44 AM GMT
Report

කුඩා අවධියේදීම රංගනයට ඇවිල්ලා මේ වන විට කලා ක්ෂේත්‍රය තුළ දක්ෂ සහ ජනප්‍රිය චරිතයක් තමයි හර්ෂි රසාංගා කියන්නේ.

මේ කලා ක්ෂේත්‍රය කියන්නෙම විටෙක අඩත්තේට්ටම් වලට මුහුණ දෙන්න සිදු වන, ඒ වගේම පුංචි පුංචි දේවල් වලින් පවා ගොසිප් හැදෙන තැනක්.

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ පැතිරුණු විවිධ කයි කතන්දර වලට හර්ෂිටත් මුහුණ දෙන්න සිදුවුණා.

ඉතින් හර්ෂි දැන් ලෑස්ති වෙන්නේ රංගනයට සමු දීමට. ඒ, ගොසිප් නිසා ඇය මේ තීරණය ගත්තා ද කියලා නම් අපි දන්නේ නැහැ. හැබැයි ඇය නම් කියන්නේ මෙහෙම කතාවක්.

"දෙයක් කියන්න ආවේ.

මම අවුරුදු 11ක් රංගන ක්ෂේත්‍රයේ හිටියා.

ඒ මගේ අම්මිගේ ආසාව නිසා. ඒත් මම මගේ රංගන කටයුතු නතර කරන්න තීරනය කලා. මගේ වැඩිදුර අධ්‍යාපනයට මම ලංකාවෙන් යනවා ලබන අවුරුද්දෙ. ඉතින් ඒ නිසා මම සෑම කලා කටයුත්තක්ම නවත්තන්න තීරනය කලා.

මේ දවස් වල හිරු නාලිකාවෙ විකාශනය වන ලංවී නාට්‍යය මම ගොඩක් ආසාවෙන් කරන වැඩක්.

Drama එක පටන් ගන්න කලින් රගපෑම් කටයුතු නවත්තන්න හිටියෙ. ඒත් script එක කියෙව්වම වැඩේ ලස්සනයි කියලා හිතුන නිසා drama එක කරලම ලංකාවෙන් යනවා කියලා හිතාගත්ත.

ඉතින් drama එකට priority දීලා ඒක ඉවර කරලා මම ලංකාවෙන් යනවා.

ඉතින් කියන්න ඕන,

අවුරුදු 11ක් මට ආදරේ කරපු අය,

මට බැන බැන මං ගැන හොයපු අය හැමෝටම මම ගොඩක් ආදරෙයි.

කවදාවත් ඔයාලගෙන් ලැබුනු ආදරය අමතක වෙන්නෙ නැ.

ඒ වගේම මගේ හිතේ ඔයාලට තියෙන ආදරෙත් අඩු වෙන්නෙ නෑ.

මේ ගමනෙදි මට වචනෙකින් හරි උදව් කරපු අයට ඒ වගේම මාව කපපු, තැන් තැන් වල මට බැන්‍පු,

ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

ඒ අය නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, මම තවත් ශක්තිමත් වුනා.

මට උදව් කරපු අය නම් වශයෙන් කියන්න බැරි තරම්.

ඒත් ඒ හැම නමක්ම මගේ හිතේ කෙටිලා තියෙනවා හැමදාටම.

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ,

ඔයාගේ ජීවිතේ ඔයා කැමති විදිහට විදින්න.

ආදරෙයි

- හර්ෂි රසංගා -   


GalleryGallery