ලැබූ ජය ගැන හර්ෂ ද සිල්වාගෙන් සමාජ මාධ්‍ය සටහනක්

Harsha de Silva Economy of Sri Lanka Ivana Trump Latest Headlines Sinhala news
By Shehan Aug 01, 2025 01:44 PM GMT
Report

අමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරු බදු අනුපාතය 20% දක්වා අඩු කිරීම ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, මෙම තීරණය ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වා ගැනීමට ඉවහල් වනු ඇති බවයි. මේ සඳහා කැපවී කටයුතු කළ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කර ඇත.

ඔහුගේ සම්පූර්ණ සටහන පහත පරිදි වේ;

“අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා අය කරන තීරු බදු අනුපාතය 20% දක්වා අඩු කිරීම ජයග්‍රහණයකි. එමගින් අපගේ අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යා හැකිය. මේ ගැන මම හදවතින්ම සතුටු වෙමි. මේ සඳහා කැපවී කටයුතු කළ සියලු දෙනාටත්, අප වැනි කුඩා රටකට ඇති අභියෝග තේරුම් ගනිමින් මෙම සහනය ලබාදුන් ඇමෙරිකාවටත් ස්තූතිවන්ත වෙමි. ශ්‍රී ලංකාවේ වෙළඳ සීමා ලිහිල් කරමින්, ලංකාව ලෝකය සමඟ ඒකාබද්ධ කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි මම අවධාරණය කරමි.”