" අද මාත් එක්ක හැප්පුණොත් වෙන දේ බලන් ඉන්න" - හර්ෂගෙන් පොලීසියට ඝර්ජනයක්. (VIDEO)

Sri Lanka Police Sri Lankan protests Harsha de Silva
By Wayomi Nov 02, 2022 08:31 AM GMT
Report

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් අද (02) පස්වරු 03.00ට විරෝධතා පාගමන ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව මෙහිදී පොලීසිය තමන් සමඟ ගැටුමකට පැමිණියහොත් තමාගේ ට්විටර් ගිණුම හරහා ඊට පිළිතුරු ලබාදෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා සැර ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහු මේ සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙලෙසින්,

"මම පොලීසියත් එක්ක හැප්පිලා ට්විටර් පණිවුඩයක් දැම්මොත් ඉතින්.. ට්විටර් එකේ මාව ෆලෝ කරනවා ලක්ෂ 3කට වැඩියෙන්. ලෝකෙ හැමතැනම මගේ ට්විටර් එක යනවා. ඉතින් ගහමු.. අද පොලීසියයි ට්විටර් එකයි එන්න කියලා. මට පොලීසිය එක්ක හැප්පිලා ට්විටර් දාන්න දඟලන්න ඕනේ නැහැ. පොලීසිය මාත් එක්ක අද හැප්පුනොත්.. මගේ ට්විටර් එක ලෝකය පුරා යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා."  


VIDEO


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW