ජනපති වෙන්න සිටින කෙනෙන් ත්‍රීරෝධ රථයෙන් ගමන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය උණුසුම් කරයි.(VIDEO)

Buddhika Pathirana Dr Harsha De Silva Sajith Premadasa SL Protest Samagi Jana Balawegaya
By Aruna Apr 28, 2022 07:04 AM GMT
Report

මේ වන විට ගලිගමුව නගරය පසු කරමින් විශාල පිරිසක් මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් විරෝධතාවයේ යෙදී සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.

ඒ අනුව මෙම විරෝධතාවය අතර තුර සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද ත්‍රීරෝධ රථයක යමින් මෙම විරෝධතාවය පිළිබඳව අදහස් දක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

පසුගිය දිනවල හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවේ, රට ගොඩගැනීමට නම් හර්ෂ ද සිල්වා මහතා රටේ නායකත්වය ගත යුතු බවයි.

ඒ අනුව රටේ ජනාධිපති කිරීම සඳහා කිසිවෙකු නැත්නම් හර්ෂ ද සිල්වා ජනාධිපති කළ යුතු බවයි හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ආර්ථික විශේෂඥයකු වන ඔහුට ජනතාව අතර පිළිගැනීමක් ඇති බවත් මේ අවස්ථාවේ යමක් කළ හැකි බවත් ය.

හර්ෂ ද සිල්වාට තරුණ සිතුම් පැතුම් හඳුනාගත හැකි බවත් සියලු පාර්ශ්ව අතර පිළිගැනීමක් ඇති බවත් හරීන් ප්‍රනාන්දු අවධාරණය කළා.

තම මන්ත්‍රී වැටුප අවුරුද්දක් ලබා නොගන්නා බවත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර නොගන්න බවත් ඔහු අවධාරණය කළේ ය.

එවන් තත්ත්වයක් තුළ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ත්‍රීරෝධ රථයකින් ගමන් කරමින් සිටින වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now