Harry Potter පිය පදවියට..

By krishani Apr 28, 2023 02:26 AM GMT
krishani

krishani

in ලෝකය
Report

Harry Potter චරිතය හරහා ලොව පුරා අතිශය ජනප්‍රිය වූ රංගන ශිල්පී ඩැනියෙල් රැඩ්ක්ලිෆ් පිය පදවියට පත්ව ඇත.

ඩැනියෙල් රැඩ්ක්ලිෆ් විසින් අත දරුවන් රැගෙන යන කරත්තයක් තල්ලු කරගෙන යන වීඩියෝ පටයක් dailymail වෙබ් අඩවිය විසින් සමාජගත කිරීමත් සමග මේ පිළිබඳව කතා බහක් ඇති විය.

ඉන් පසුව ඩැනියෙල්ගේ නියෝජිතයෙකු විසින් එම දරු උපත තහවුරු කර ඇති අතර දරුවාගේ උපන් දිනය සහ ස්ත්‍රී පුරුෂ භාවය මෙතෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර නොමැති බව CNN පුවත් සේවය වාර්තා කළේ ය.

මේ අතර, ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ගේ බිරිඳ 38 හැවිරිදි හොලිවුඩ් නිළි එරින් ඩාර්ක් වේ.

ඔවුන් දෙදෙනා 2013 වසරේ දී ‘Kill Your Darlings’ චිත්‍රපටයේ රංගනය අතරතුර හඳුනාගෙන පෙම් සබඳතාව ආරම්භ කර ඇති බව වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join