කටාර් හිටපු නායකයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍යවරිය කටාර් බලා පිටත්වෙයි
Qatar
Harini Amarasuriya
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
අභාවයට පත් කටාර් රාජ්‍යයේ හිටපු නායකයා සහ “ෆාදර් එමීර්” (Father Emir) ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් හිටපු කටාර් නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීමට නියමිතය.
එමෙන්ම, මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව යළි තහවුරු කිරීම මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ද අවධාරණය කරන අවස්ථාවක් ලෙස සැලකේ.