දේව ගැතිවරයාගේ ලිංගික හිංසනයට ලක් වූ දැරියන් ගැන විශේෂ තීරණයක්..!

Sri Lanka Police Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Jan 02, 2024 08:04 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

දීර්ඝ කාලයක් පුරා දේවගැතිවරයකුගේ විවිධ ලිංගික අතවරයන්ට ලක්වූ බව පැවසෙන දැරියන් 5 දෙනෙකුට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණය, පොලීසියට ඊයේ (01) නියම කළේය.

ලියාපදිංචි නොකරන ලද කාන්තා නේවාසිකාගාරයක සිටි වයස අවුරුදු 9ත්, 17ත් අතර වයසේ පසුවන දැරියන්ට විවිධ තෑගිබෝග ලබාදෙමින් අසභ්‍ය චිත්‍රපට පෙන්වා සැකකාර දේවගැතිවරයා ලිංගික අතවරයන් කර ඇතැයි දන්වා සිටි

කිරුළපන පොලීසියේ නිලධාරීන් ඊට දේවගැතිවරයාගේ බිරිඳ ද සහයෝගය දක්වා තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වුණේ යැයි දන්වා සිටියේය.

සැකකාර දේවගැතිවරයා විසින් තමන්ට සිදුකළ අතවරයන් සම්බන්ධයෙන් වින්දිත දැරියක් විසින් ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනියට පැවැසීමෙන් අනතුරුව, විදුහල්පතිනිය විසින් කිරුළපන පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන පවත්වා සැකකාර දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දින තෙක් රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි.

කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ දෙහිවල ප්‍රදේශයේ දේවස්ථානයක දේවගැති 63 හැවිරිදි සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස නියම කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා, සැකකාර දේවගැතිවරයාට විදේශ ගමන් තහනම් කරමින්ද නියෝගයක් නිකුත් කළේය.

උපුටා ගැනීම - අරුණ පුවත්පත