වසර 2ක් පුරා සොයුරිය ලිංගිකව අපයෝජනය කරමින්, ගූගල් ඩ්‍රයිව් හරහා සොයුරෙකු කළ අහස පොළව කම්පා කරන වැඩේ..ගූගල් හා සම්බන්ධව සිදු කළ පළමු වැටලීම..

Google Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Dec 19, 2023 02:28 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය විසින් වසර 2 තිස්සේ සිය ඥාති සොහොයුරියක් ලිංගිකව අපයෝජනය කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොලිසියට ළමා අසභ්‍ය දර්ශන නරඹන හා හුවමාරු කරගන්නා පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම මගින් හඳුන්වාදුන් නව ක්‍රමවේදයක් උපයෝගී කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.

කොළඹ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම තරුණයා අතින් අපයෝජනයට ලක්ව ඇත්තේ ඔහුගේ ඥාති සොහොයුරියක් වන 12 හැවිරිදි වියේ පසුවන දැරියකි.

සැකකාර තරුණයා දැරිය ලිංගිකව අපයෝජනය කරමින් ඒවා වීඩියෝ ගතකර ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කර තිබේ.

අද(19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙය ගූගල් සමාගම මගින් ලබාදුන් අදාළ තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීමයි.