හරක් කටා ගැන අද ලැබුණු විශේෂ අධිකරණය නියෝගය..!

CID - Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Mar 11, 2024 08:14 AM GMT
Report

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින්, කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටාව අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව හරක් කටාව තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

එනම්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දින 362ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කෙරුණු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් "හරක් කටා" අද රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

විදේශගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් "හරක් කටා" ඩුබායිහීදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ අගෝස්තු මසදීය. කෙසේවෙතත් ඔහුව මෙරටට ගෙන්වාගැනීමට සිදුකළ යුතු උදර්පන කටයුතු විධිමත්ව සිදුනොවීම හේතුවෙන් ඩුබායි පොලීසිය හරක් කටාව මුදාහැර තිබිණි.

අනතුරුව 2023 මාර්තු 7 වැනිදා මැඩගස්කරයේ දී "හරක් කටා" සහ සළිඳු මල්ෂික නොහොත් "කුඩු සළිඳු" ඇතුළු 7දෙනෙකු යළි අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් දිවයිනට රැගෙන ආවේ 2023 වසරේ මාර්තු 15 වැනිදාය.

එතැන් සිට ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණේය. එලෙස CIDය භාරයේ රඳවා සිටින අතරතුර හරක් කටා ඉන් පැනයාමට උත්සාහ කළ අතර එය ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබිණි.

කෙසේවෙතත් රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු "හරක් කටා" සහ "කුඩු සළිඳු" අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණි. ඉන් පසුව ඔවුන් දෙදෙනා අධිකරණ කටයුතු සඳහා රැගෙන යනු ලැබීය. මේ අතර සලිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු අද පෙරවරුවේ ඉදිරිපත් කෙරුණේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙතය.