'හරක් කටා' සහ 'කුඩු සළිඳු' ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!
අද (29) නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' සහ සළිඳු මල්ශික හෙවත් 'කුඩු සළිඳු' සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝගයක් නිකුත් කළේය.
එනම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අදාළ සැකකරුවන් දෙදෙනා රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් නිසි ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු අධිකාරීලත් නිලධාරියෙක් භාරයේ හෝ විමර්ශන සිදුකරන ඒකකයේ ස්ථානාධිපතිවරයා භාරයේ ගෙනයන ලෙසත් නියෝග කරමිනි.
මේ වන විට 'කුඩු සළිඳු' සහ 'හරක් කටා' මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ මෙරටට රැගෙනාවිත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටිනවා.
ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් දෙදෙනෙකි. මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකරනු ලැබුවේ, සැකකරුවන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු නියෝග නිකුත් කරන ලෙස ජනාධිපති නිතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නිතිඥ මඩුල්ලක් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
පෙර දින නියෝග ප්‍රකාරව ඔවුන්ගේ ආරක්ෂාව සලසන ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය.
සැකකරුවන් දෙදෙනා පිටතට රැගෙන යන්නේ නම් අත් හා පාද විලංගු දමා ගෙනයන ලෙසත්, මාකදුරේ මධූෂ්, කොස්ගොඩ තාරක, ටින්කිරි ප්‍රියන්ත මිය ගිය ආකාරය නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේය.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ කණ්ඩායම් ඔවුන්ව මරාදමන බවට පුවත් පළවී තිබූ බවත් අධිකරණයේදී ප්‍රකාශ විය. කොස්ගොඩ තාරක මරා දැමූ දිනයේ මෙවැනිම පුවත් පළවූ බවද සඳහන් කළ නිතිඥ මඩුල්ල අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ, සැකකරුවන් ගේ ආරක්ෂාව සහතික කරන ලෙසය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |