හම්බන්තොට දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක්..දේශපාලන ප්‍රබලයෙකුත් මුල්වෙයි.
Hambantota
Eraj franandu
By Aruna
හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහ හම්බන්තොට ලුණු ලේවායේ සේවකයන් පිරිසක් අතර අද (11) දින උණුසුම් තත්ත්වයක් හට ගනු ලැබුවා.
හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කරන ලෙස ඉල්ලා නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවේ මීට දින 12කට පෙරයි.
එම සත්‍යග්‍රහය අතරතුර දී ඊයේ (10) දින ලුණු ලේවායෙන් ඉවතට පැමිණි මෝටර් රථයකට පහරදීමක් සිදුකර තිබුණා.
එය මුල් කර ගනිමිනුයි, හම්බන්තොට ලුණු ලේවායේ සේවකයින් පිරිසක් සහ සත්‍යග්‍රහයේ නිරත පිරිසක් අතර අද මෙලෙස උණුසුම් තත්ත්වයක් හටගෙන ගත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |