ඉදිරි පැය 48 තීරණාත්මකයි - ගොඩ ගැසුණ මෘත දේහත් සුනඛයින්ගේ ආහාර වෙලා.. ලෝකයම සංවේදී කරවමින් ගාසාවේ වෙන්න යන දේ මෙන්න.

Israel Death Palestine Israel-Hamas War
By krishani Nov 14, 2023 04:15 PM GMT
Report

ගාසා තීරයේ සියලුම රෝහල් ඉදිරි පැය 48 තුළ සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවන බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

ඒ ප්‍රමානවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර පැවසුවේ ගාසාහි ප්‍රධාන රෝහල වන අල්- ෂිෆා රෝහල සුසාන භූමියක් බවට පත්ව ඇති බවයි.

එම රෝහලේ ප්‍රධාන කළමනාකරු සඳහන් කළේ ඊශ්‍රායලය යුද ටැංකි යොදා රෝහල වට කිරීම හේතුවෙන් ඒ තුල සහ අවට ගොඩගැසී ඇති මෘත දේහ සුනඛයින්ගේ ආහාර බවට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, එවන් පසුබිමක දින 38ක් පුරා ක්‍රියාත්මක ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් මියගිය පිරිස 12,600 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, අල් ෂිෆා රෝහල ආරක්ෂා කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ ය.