හමාස්ලගේ ගරිල්ලා සටන් ක්‍රමයට එරෙහිව ඊශ්‍රායලයේ අලුත්ම උපක්‍රමය.

Israel World Israel-Hamas War
By Wayomi Nov 16, 2023 09:38 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

පසුගිය දිනවල ඊශ්‍රායලයට සාර්ථකව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ගරිල්ලා සටන් ක්‍රමය යොදාගෙන සාර්ථකව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට හමාස් සටන්කාමීන සමත්ව තිබෙනවා.

හමාස් සටන්කාමීන් එකවරම උමං මාර්ග වලින් මතු වී,අනපේක්ෂිත ප්‍රහාර මගින් ඊශ්‍රාලයයේ සන්නද්ධ රථ සහ යුද ටැංකි විනාශ කර දමා තිබුණා.

එමඟින් ඊශ්‍රායලයේ හමුදා නිළධාරින් පිරිසක් ද මියගොස් ඇති අතර මෙම ප්‍රහාර වලට වෙනස්ම ආකාරයේ පිළිතුරක් මේ වන විට ඊශ්‍රායලය යොදාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, අනුව ඔවුන් උපක්‍රමයක් ලෙස යොදාගෙන ඇත්තේ හමුදා පුහුණුව ඇති දඩ බල්ලන්ය.

විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම දඩ බල්ලන් විසින් හමාස් සටන්කාමීන්ව පන්න පන්න දඩයම් කරන බවයි.

මෙම සුනඛයන් ඉතාම භයානක සුනඛ වර්ගයක් වන අතර මෙම සුනඛයන්ගේ භයානක කම හේතුවෙන්ම සාමාන්‍ය අවස්ථාවල මෙම සුනඛයන්ගේ මුඛය අධි ආරක්ෂිත ලෙස වසා තබාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම දඩ බල්ලන් උමං මාර්ග ඔස්සේ ගොස් හමාස් සටන්කාමීන් අල්ලා ගන්නා ආකාරය දැක්වෙන විඩියෝ පටද සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.