කුරුළු උණ විකෘති වී මිනිසුන්ට වසංගතයකට අත වනයි. විද්‍යඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්.

Bird Flu World Health Organization Ministry of Health Sri Lanka
By Wayomi Mar 02, 2023 11:57 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

නැගෙනහිර චීනයේ කාන්තාවකට H5N1 කුරුළු උණ වෛරස ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, කාම්බෝජයේ දැරියක් එම වෛරසයෙන් මියගොස් සතියකට පසුවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එලෙස කුරුළු උණ වෛරසය ආසාදනය වී ඇත්තේ නැගෙනහිර චීනයේ ජියැන්ග්සු පළාතේ වෙසෙන 53 හැවිරිදි කාන්තාවකටයි.

එම කාන්තාව කුකුළු මස්වලට නිරාවරණය වීමෙන් පසු ජනවාරි 31 වන දින කුරුළු රෝග ලක්ෂණ මතුවීමෙන් පසු පසුගිය පෙබරවාරි මාසයේදී වෛරසය තහවුරු වී ඇති බව සඳහන්.

මේ අතර කාම්බෝජයෙන් කුරුළු උණ ආසාදිතව මිය ගිය දැරිය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයේදී අනාවරණය ඇත්තේ එම වෛරසය මිනිස්‌ සෛල හොඳින් ආසාදනය කිරීමට තරම් පරිණාමය වී ඇති බවයි.

ඒ අනුව මෙම H5N1 කුරුළු උණ වෛරසය මේවන විටත් විකෘති භාවයට ලක්වෙමින් පවතින බව බවයි විද්‍යාඥයින් අනතුරු අඅඟවන්නේ.

කුරුළු උණ ආසාදිතව මියගිය දැරිය සම්බන්ධයෙන් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය එරික් කාල්සන් සඳහන් කළේ කුරුල්ලන් ගෙන් ලබාගත් ජානවලට වඩා වෙනස් බවයි.

එහිදී එම වෛරසය මිනිසුන් හරහා එම දැරියට ආසාදනය වන්නට ඇති බවට සැක කෙරෙන අතර H5N1 කුරුළු උණ වෛරසය මේවන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW