දුම්රියක් තුළ වෙඩිතැබීමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට (විදෙස්)

India Gun Shooting
By Sewvandhi Jul 31, 2023 09:38 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ දුම්රියක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

එහි දැක්වෙන්නේ ඉන්දීය දුම්රිය ආරක්ෂක බළකා කොස්තාපල්වරයෙක් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

 එම පුද්ගලයා, උසස් නිලධාරියෙක්ව සහ දුම්රිය මගීන් තිදෙනෙක්ව ඝාතනය කර ඇති බවත් ඊට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනය කර ඇති මගීන් තිදෙනා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

ජායිපූර් සිට මුම්බායි දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක උදෑසන 5.30ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇත.