මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව. (VIDEO)

Akshay Kumar Actors Bollywood Guinness World Records
By Wayomi Feb 24, 2023 10:57 AM GMT
Report

ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් විසින් තම රසික රසිකාවියන් සමඟ මිනිත්තු තුනකදී සෙල්ෆි ඡායාරූප 184ක් ගනිමින් ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඔහු මෙම ඡායාරූප ගෙන තිබුණේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Selfiee සිනමාපටයේ ප්‍රවර්ධන කටයුත්තක් අතරතුරයි.

මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඇමරිකානු ජාතිකයෙකු වන ජේම්ස් ස්මිත් නමැති පුද්ගලයෙක්.

ඒ, 2018 වසරේදී Carnival Dream නමැති සුඛෝපභෝගී මගී නෞකාවක් තුළ විනාඩි 3ක් තුළ සෙල්ෆි ඡායාරූප168ක් ගනිමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW