අගනුවරක් එකපාරටම තැඹිලි පාට වෙලා.. (PHOTOS)

Latest Headlines
By krishani Apr 24, 2024 02:20 PM GMT
Report

අද (24) ග්‍රීසියේ නුවර පිහිටා ඇති ග්‍රීසියේ දකුණු කලාපයේ අහස තැඹිලි පැහැ ගැන් වී තිබෙනවා.

අගනුවරක් එකපාරටම තැඹිලි පාට වෙලා.. (PHOTOS) | Greeces Capital Suddenly Turns Orange

මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ සහරා කාන්තාරයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ගිය සුළඟ ඔස්සේ පැමිණි දූවිලි වළාකුළු බවයි.

හිරු බැස යන්නට පෙර දකුණු ග්‍රීසිය අඟහරු ග්‍රහයාගේ වායුගෝලය වැනි වූ බව ග්‍රීසියේ ජනතාව පැවසීය.

හෙට දිනය වන විට මෙම තත්ත්වය පහව යනු ඇති බව ග්‍රීසියේ කාලගුණික විද්‍යා අංශ සඳහන් කළේ ය.

අගනුවරක් එකපාරටම තැඹිලි පාට වෙලා.. (PHOTOS) | Greeces Capital Suddenly Turns Orange

ග්‍රීසිය පුරා හමායන වියළි සුළං හේතුවෙන් පසුගිය පැය 24 තුළ රට පුරා ලැව්ගිනි 25 ක් හටගෙන ඇති බව එරට ගිනි නිවන හමුදාව වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, ග්‍රීසියේ සෑම ග්‍රීෂ්ම ඍතුවකම විනාශකාරී සහ මාරාන්තික ලැව් ගිනි ඇති වේ.