ග්‍රාම නිලධාරීන් දෙදිනක් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක
Latest Headlines
Sinhala news
Puwath.lk
Grama Niladi
By R.rishma
ග්‍රාම නිලධාරීන් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් කාර්යාල වසා දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වේ.
දෛනික රාජකාරිවලට අමතරව සිදුකරන රාජකාරි සඳහා ගෙවනු ලබන රුපියල් 600ක දීමනාව ප්‍රමාණවත් නොවන බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින ග්‍රාම නිලධාරීන් පවසති.
එම දීමනාව අවසන් වරට සංශෝධනය කර ඇත්තේ 2006 වසරේදී බවත්, වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි එම දීමනාව ඉහළ නංවන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වූ බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත ග්‍රාම නිලධාරියෙකු සඳහන් කළේය.