ශිෂ්‍යත්ව විභාගය අසමත් සිසුන් 146ක් නැවත සමීක්ෂණයෙන් සමත් වෙලා..
Ministry of Education
Sri Lanka
Department of Examinations Sri Lanka
Grade 05 Scholarship examination
Education
By krishani
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරන ලදී.
ඒ අනුව විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත් වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4823 දෙනකු වශයෙන් සිසුන් 25157 දෙනකු ඉල්ලුම් කර ඇත.
කෙසේවෙතත්, ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් නැවත සමීක්ෂණයේ දී පරීක්ෂකවරුන් දෙදනකුගේ පරීක්ෂාවට ලක්කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |