05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැති කරයි..? දරුවන්ගේ මනසට විශාල සැහැල්ලුවක්..

Ministry of Education A D Susil Premajayantha Grade 05 Scholarship examination Education
By Aruna a year ago
Report

දරුවන්ගේ සහ මවුපියන්ගේ පීඩනය අවම කිරීම සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේදී සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ, ශිෂ්‍යත්ව විභාගයේදී සාක්‍ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛත්වය දෙන බවයි.

ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී ශිෂ්‍යත්ව ලකුණු මෙන්ම 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමරයේදී ඇගයීම් වලින් සියයට තිහක් ලකුණු ලබාගත යුතු බවත්, ඒ සඳහා දරුවන් අඛණ්ඩව පාසල් පැමිණීම වැදගත් බවයි.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් ලැබී ඇති බවත් එම යෝජනා අධ්‍යයනය කරමින් සිටින බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ.

ශිෂ්‍යත්ව විභාගයේ සංකීර්ණ භාවය දරුවන්ගේ මනසට විශාල පීඩාවක් බව අධ්‍යාපනඥයෝ සහ මනෝ වෛද්‍ය විශේෂඥයෝ දීර්ඝ කාලයක් තිස්සේ රජයට පෙන්වා දී ඇත.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, අධ්‍යාපනයේ වෙනස්කම් රැසක් ලබන වසරේදී ඇති කිරීමට නියමිත බවයි.