සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම 17 වැනිදාට කල් තැබේ

Latest Headlines Sinhala news Puwath.lk Suresh Salley
By R.rishma Jul 14, 2026 09:32 AM GMT
Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශනවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 17 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අදාළ පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ වැඩිදුර කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 17 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.