විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජය තවදුරටත් අධ්‍යයනයක

Latest Headlines Sinhala news NPP Government Puwath.lk Cabinet Decisions
By R.rishma Jul 14, 2026 09:25 AM GMT
Report

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට භාර දී ඇති බවත්ය.

අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් තීරණ : 2026 - 07 - 13

කැබිනට් තීරණ : 2026 - 07 - 13

අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කිරීම සඳහා නඩු කටයුතු කඩිනම් කිරීම වැදගත් බවත්, ඇතැම් අධිකරණ පද්ධති කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම හේතුවෙන්ද අමතර පීඩනයක් ඇති වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

2020 වසරේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත් ඉහළ නැංවූ නමුත් එම අවස්ථාවේදී විශ්‍රාම වයස් සීමාව පිළිබඳව අවධානය යොමු නොවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම වෘත්තීයවේදීන් රට හැරයාම සහ අදාළ ක්ෂේත්‍රවලට නව පිරිස් එක්වීමේ අඩුපාඩු පිළිබඳවද අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙයි

අධිකරණ සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බවත්, මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට කළ උත්සාහයේදී අයදුම්කරුවන් ලෙස ඉදිරිපත් වී ඇත්තේ 33 දෙනෙකු පමණක් බවත් ඔහු සඳහන් කළේය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සම්බන්ධයෙන් රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

වයඹ පළාත් පාසල් දෙවන වාර විභාගයේ දින කිහිපයක් සංශෝධනය කෙරේ

වයඹ පළාත් පාසල් දෙවන වාර විභාගයේ දින කිහිපයක් සංශෝධනය කෙරේ