විදුලි බිල්, කසල කළමනාකරණය සහ ඩෙංගු අවදානම ගැන ආණ්ඩුවට චෝදනා
සර්වජන බලය වෙන්නප්පුව ආසන සංවිධායක අචිනි සූරියආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ, තමන් විසින් නිකුත් කළ වාර්තාවකට අනුව ගෙදර පළ මණ්ඩලයේ පාර්ශ්වික ආදායම රුපියල් බිලියන 1041.04ක් බවයි.
අදාළ ආයතනය පෞද්ගලීකරණය කිරීමේදී ආණ්ඩුවට කිසිදු පැහැදිලි සැලැස්මක් නොතිබූ බවද ඇය චෝදනා කළාය.
මේ හේතුවෙන් ප්‍රාදේශීය සභාවලට දැඩි ඉහළ විදුලි බිල්පත් ලැබෙමින් පවතින බවත්, ඇතැම් සභාවලට රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 80 දක්වා විදුලි බිල්පත් ලැබී ඇති බවත් ඇය සඳහන් කළාය.
ප්‍රාදේශීය සභාවල ආදායම මහජන සේවා සඳහා වියදම් වන බැවින්, මෙම විදුලි බිල් ගෙවීම ඉතා දුෂ්කර තත්ත්වයක් බවත්, එය ජනතාවටම අමතර බරක් විය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
වීදි ආලෝක පද්ධතිය පවත්වාගෙන යාමට නොහැකි වුවහොත් රාත්‍රී කාලයේ ජනතාවගේ ආරක්ෂාවට බරපතළ අවදානමක් ඇතිවිය හැකි බවද ඇය අවධාරණය කළාය.
එමෙන්ම මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගංගා සුරංගනී මහත්මියද අදහස් දක්වමින්, ඊයේ දිනය වන විට රට තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ඇති බවත්, එය ඉතිහාසයේ දැක නැති තරම් ඉහළ අවදානමක් බවත් සඳහන් කළාය.
ප්‍රාදේශීය සභා මඟින් කසල නිසි ලෙස එකතු නොවීම හේතුවෙන් සහ වැසි සමයේ කසලවල ජලය රැඳීම නිසා ඩෙංගු ව්‍යාප්තිය වැඩිවී ඇති බවද ඇය චෝදනා කළාය.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ආරම්භ කළ පරිසර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම පිළිබඳවද ඇය ප්‍රශ්න කර සිටියාය.