රජයේ සේවකයින්ට රුපියල් 10,000 ලැබෙන්නේ මෙහෙමයි..

Ranil Wickremesinghe Government Employee Sri Lanka Government Of Sri Lanka Budget 2024 - sri lanka
By Sewvandhi Nov 13, 2023 07:56 AM GMT
Report

 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ රජයේ සේවකයින්ට 2024 ජනවාරි සිට රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවන බවයි.

ඒ අනුව 2024 ජනවාරි සිට ඔවුන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 17,800ක් දක්වා වැඩිකෙරෙයි.

ඊට අදාළ දීමනා 2024 අප්‍රේල් මස සිට ගෙවීම අරඹන බව පැවසු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුදල 2024 ඔක්තෝබර් මාසයේ සිට කොටස් වශයෙන් ගෙවන බවයි.

එසේම මෙවර අයවැය හරහා රජයේ සේවකයින්ට ආපදා ණය ලබාදීමද සුපුරුදු පරිදි ආරම්භ කරන බව 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය. මේ අතර වැඩිහිටි දීමනාව ද ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව වැඩිහිටි දීමනාව රුපියල් 3000ක් දක්වා ඉහළ යනු ඇත. එසේම ආබාධ සහ වකුගඩු රෝගී දීමනාව රුපියල් 5000 සිට 7500ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.