රජයේ ආයතන වලට ප්‍රිය සම්භාෂණ තහනම් - සියලු රාජ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්..!
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රජයේ ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරනවා.
එනම්,රජයේ ආයතනවල විවෘත කිරීම්, රාජකාරී බාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව සඳහා රජයේ මුදල් වැය කිරීම නතර කරන ලෙසට වූ නියෝගය තරයේ පිළිපදින ලෙසයි.
අමාත්‍යාංශ ලේකම්වරයා මෙයට පෙර අවස්ථා ගණනාවකදීද මෙම ඉල්ලීම කළද සමහර ආයතනවල එම ඉල්ලීම නොසලකා හරිමින් එවැනි උත්සව තවදුරටත් පවත්වන බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු ඔහු මෙම නව චක්‍රලේඛය නිකුත් කළේය.
රාජ්‍ය වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය අප්‍රේල් 26 වනදා චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතනවල උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛතා නොවන වියදම් අත්හිටුවමින් ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකරන ලෙසට නියෝග කළේය.
මීට අමතරව එම නියෝගය තරයේ පිළිපදින ලෙස ජනාධිපති ලේකම්වරයා ද පසුගිය අගෝස්තු 15 වැනිදා චක්‍රලේඛයක් මගින් දැනුම් දෙනු ලැබ තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |