රාජ්‍ය සේවකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්..!

Sri Lanka employee Government workers Nimal Siripla De silva
By Sewvandhi Mar 30, 2022 05:30 PM GMT
Report

අඩු පාඩු පසෙකලා තිබෙන සම්පත්වලින් උපරිම සේවයක් කිරීම සඳහා සියලුම රාජ්‍ය සේවකයන් මේ මෙහොතේ කැපවිය යුතුව ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (30) පෙරවරුවේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමක් අමතමිනි. 

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල භාර නිලධාරීන් දැනුවත් කිරීම සඳහා එම රැස්වීම සංවිධානය කර තිබුණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ රටේ ආර්ථිකය මේ මොහොතේ අර්බුදයට ලක්ව ඇති බවය. 

මේ අතර වැඩ කරන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු සියල්ලටම පාහේ කඩිනමින් විසඳුම් ලබා දීමට කම්කරු අමාත්‍යවරයා ලෙස තමා අපේක්ෂා කරන බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

  “රටේ පවතින දුෂ්කර වාතාවරණය යටතේ කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල භාර නිලධාරීන් වන ඔබතුමන්ලා සියලු දෙනා අද මෙතැනට පැමිණීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වෙනව. අපි වෙනදා අඩුපාඩු මොනවා ද කියල තමුන්නාන්සේලාගෙන් ඇහුවෙ එම අඩුපාඩු සම්පූර්ණ කරල දීමටයි.

නමුත්, අද අපි තමුන්නාන්සේලාගෙන් මොනවද තියෙන අඩුපාඩු කියල ඇහුවට එම අඩුපාඩු සම්පූර්ණ කරල දීමේ ශක්තියක් මේ මෙහොතේ අපිට නැහැ. මොකද, මේ මෙහොතේ රටේ ජනතාව ඉන්නෙ ලොකු ප්‍රශ්ණයක හිරවෙලා. මිනිස්සුන්ගෙ දෛනික ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අද වෙනකොට ඇනහිටල තියෙන්නෙ. ජනතාව මංමුලා වූ තත්ත්වයට පත්වෙලා ඉන්නෙ.

මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ ඊළඟ දවසට මුහුණ දෙන්නෙ කොහොම ද කියල. ඒ නිසා අපි කඩිනමින් මේ තත්ත්වය කළමනාකරණය කළ යුතු වෙනව. එහිදී අපි සියලු දෙනා අපි ළඟ තිබෙන ප්‍රතිපාදන උපරිම කළමනාකරණය කරගෙන වැඩ කළ යුතු වෙනවා."

"විධිමත් විභාගවලින් බඳවා ගන්නා පිරිස හැරුණු කොට අනෙක් කිසිදු පුරප්පාඩුවකට අලුතෙන් කිසිම කෙනෙක් බඳවා ගැනීමේ හැකියාවක් අපට මේ මෙහොතේ නෑ. මොකද භාණ්ඩාගාරයට ඒ සඳහා අද වෙනකොට සල්ලි නැහැ. අද හැම ගෙදරක්ම පුළුවන් උපරිම අරපිරිමැස්මෙනුයි කටයුතු කරන්නෙ. ඒ අනුව අපිත් අපේ උපරිමයෙන් අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කරමු කියල මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්න කැමතියි."

"කොවිඩි වසංගතය සමයේදී වැඩ කරන ජනතාව විසින් කරන ලද පැමිණිලි එම කාල වකවානුවේදී විසඳීමට කම්කරු දෙපාර්තමේන්තුවට හැකි වූයේ නැහැ. ඒ නිසා එම ගොඩ ගැසී ඇති සියලු පැමිණිලි මාස තුනක් ඇතුළත විසඳීම සඳහා මේ වන විට අපි කටයුතු සිදු කරමින් සිටිනවා."

"දැනට ලැබි ඇති කම්කරු පැමිණිලි වලින් පැමිණිලි රැසක් තියෙන්නෙ රජයට අයත් වැවිලි සමාගම්වලට අයත් පැමිණිලියි. එම පැමිණිලි නිරාකරණය කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවත් එම වැවිලි සමාගම් සහ එම සමාගම්වල ඇති වෘත්තීය සමිතිත් සමග ඒකාබද්ධ සාකච්ඡාවක් කඩිනමින් පැවැත්වීමටත් මම තීරණය කරල තිබෙනව."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now