රාජ්‍ය සේවයේ පිරිසකගේ රැකියා සම්බන්ධයෙන් ගන්න යන තීරණය මෙන්න..
අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඩෙංගු මර්දන ව්‍යපාරය සඳහා බඳවා ගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“2016 බඳවා ගත් කණ්ඩායමක් හැබැයි මේ අයගේ ප්‍රශ්නය තියෙන්නේ මේ අයට මූලික සුදුසුකම් කිසිවක් තිබුණේ නැති අය.
ඒ අය බඳවාගෙන මේ වන කොට අවුරුදු 8ක් වැඩකරලා තියෙනවා. දැන් ආයේ සුදුසුකම් බලන්න.
ශ්‍රම බලකායට රැකියා දෙනවා නම් ඒ එක්කම මේකත් ලබාදිය යුතුයි.
ස්ථිර කළ යුතුයි කියලා කැබිනට් පත්‍රිකා 3ක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒ කැබිනට් පත්‍රිකා තුන ගැන ඊයේ මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කථා කළා.
එකෙදී මැනේජ්මට් සර්විස් එකෙන් මේකට එකඟතාවයක් නැහැ කියලා දාලා තියෙනවා.
නමුත් මේකට මම එකඟ නැහැ. ඊළඟ කැබිනට් එකේ නැවත වරක් මම මේක ගේනවා. මම මේක අතහරින්නේ නැහැ. මේක අතහරින එක අසාධාරණයි.
ඒ අයට දැනට ගන්නේ රුපියල් 700යි. පුදුමයි ඉන්න එකත් ඇත්තටම.
මොකද ඔවුන් කරපු සේවය සහ කරන සේවය සම්බන්ධයෙන් දැන් සුදුසුකම් කියලා වැඩක් නැහැ. අවුරුදු 8ක් වැඩ කරාට පස්සේ.”