දෙසැම්බර් 31 න් පසු රාජ්‍ය සේවයට සිදුවන දේ මෙන්න..

Bandula Gunawardane Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna Dec 11, 2022 05:02 AM GMT
Report

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් වැඩි පිරිසක් දෙසැම්බර් 31 වනදා විශ්‍රාම ගියද රාජ්‍ය සේවයට දැඩි බලපෑම් එල්ල නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

බොහෝ රජයේ වෘත්තිය සමිති ඉකුත් කාල සීමාවේ පැවසූවේ, වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රජයේ සේවකයින් දෙසැම්බර් 31 වනදාන් පසුව විශ්‍රාම ගැන්වීම හේතුවෙන් රාජ්‍ය සේවය කඩාවැටෙන බවයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සඳහන් කළේ, සාමාන්‍යයෙන් වසරකට රාජ්‍ය සේවකයින් 18,000 ක් පමණ විශ්‍රාම යන බවයි.

මෙවර පමණක් දෙසැම්බර් 31 වනදා 25,000 ක් පමණ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යන බවද ලේකම්වරයා සඳහන් කළා.

කෙසේවෙතත් එය රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට දැඩි බලපෑමක් එල්ල නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

සෑම වසරකම පාහේ රාජ්‍ය සේවයට බඳවා ගැණුනු පුහුණුව අවසන් කෙරුණු පිරිස ද රාජ්‍ය සේවයට එක්වනවා.

එමෙන්ම ඇතැම් තනතුරුවල පවතින පුරප්පාඩු සඳහා ඊට පහළ ශ්‍රේණියේ සුදුසුකම් ඇති නිලධාරීන් ද පත්කෙරෙන බවද ප්‍රකාශ කෙරුණා.

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉකුත්දා නිකුත් කෙරුණා.

ඒ, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

අදාළ නියෝගය ලබන ජනවාරි 01 වනදා සිට බලාත්මක විය යුතු බවයි එම ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

කිසියම් බලධාරියෙකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළ හොත් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරීන් හැර සෙසු රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගත යුතු වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now