රාජ්‍ය සේවකයින් පිරිසකට රුපියල් 15000ක විශේෂ දීමනාවක්..ලැබෙන පිරිස මෙන්න..

Government Employee Government Of Sri Lanka
By Aruna Mar 29, 2024 05:33 AM GMT
Report

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඒ, සඳහා පසුගිය 03 වනදා රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ද ලැබුණු බවයි.

ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන මාණ්ඩලික නිලධාරී තනතුරු සඳහා මෙම මාසික දිරි දීමනාව ලබාදීමට තීරණය කර ඇත.

ඒ, අනුව ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් හිමිවනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම මාසික දිරි දීමනාව මාර්තු මාසයේ සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට තීරණය කර තිබේ.

Gallery