රාජ්‍ය සේවයකයින්ට වැඩියෙන් වැඩ කරන්න වෙයි...ගත් තීරණය ප්‍රශ්නයක් වෙයි.
රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමත් සමග රාජ්‍ය සේවයේ විශ්‍රාම යා හැකි අවම වයස අවුරුදු 60 දක්වා ඉහළ යන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
මීට පෙර රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ක් ලෙස පැවති අතර එම අවස්ථාවේදී විශ්‍රාම යා හැකි අවම වයස අවුරුදු 55 ක් ලෙස පැවතියා.
අනිවාර්ය විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කළද මීට පෙර විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛවල සදහන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව හැර අනෙකුත් විධිවිධාන ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
මේ අතර රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.
රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ කරනු ලබන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |